Sunday, 18 April 2010

මුටුසීව රජතුමා

පණ්ඩුකාභය රජු ගෙන් පසු ඔහුගේ පුතෙකු වන මුටුසීව නම් කුමරා රජවිය.ඔහු රාජාභිෂේකය ලැබ සැට අවුරැද්දක් අනුරාධපුරයේ රාජ්‍ය කරවීය.මු‍ටුසීව රජු මහාමේඝ නම් උයන කරවීය.උයන කරවන විට අකල් වැස්සක් ඇද හැලුනු හෙයින් එය මහාමේඝ නමින් නම් කෙරැණා. මේ රජුට පුතුන් දස දෙනෙකුත් එක් දුවකුත් විය.
පණ්ඩුකාභය රජු 37 වියේදී රජවී 70 වසරක් රජ කම් කරවීය.මුටුසීව රජු 60 වසරක් රජ කම් කොට මිය ගියේය.මිනිස් ආයුෂ අනුව මෙය අසාමාන්‍ය දෙයක් බැවින් මෙහි යම් වරදක් ඇතැයි සිතිය හැක.

මීළග ලිපියේදී විශේෂ යමක් ලිවීමේ බලා‍පොරොත්තුවෙන් අදට සමුගමි.

1 comments:

Hasitha said...

"පණ්ඩුකාභය රජු 37 වියේදී රජවී 70 වසරක් රජ කම් කරවීය.මුටුසීව රජු 60 වසරක් රජ කම් කොට මිය ගියේය.මිනිස් ආයුෂ අනුව මෙය අසාමාන්‍ය දෙයක් බැවින් මෙහි යම් වරදක් ඇතැයි සිතිය හැක."

මේ කතාවේ තියෙන ගැටළුව මොකක්ද මල්ලී ?