Tuesday, 4 November 2008

ඇමෙරිකාවේ 'රට කරවන' හැටි


හෙට ඉඳන් ඇමෙරිකාවේ රට කරවන හැටි බලන්න තමා අප බොහෝ දෙනා බලාගෙන ඉන්නේ.
මම නම් 'ඔබාමට' තමා. ඇයි ඔබාමා කළු ජාතිකයෙක්නෙ. ඒ නිසා.
ඇමෙරිකාවේ ඡන්දය තියෙන විදිහ වෙනස්.
ජනාධිපති තෝරන්න චන්දෙ දෙන්නෙ 535 දෙනයි. ඒ 535 දෙනාගෙන් වැඩි දෙනෙක් තමන්ගේ අය කරගන්න තමා අපේක්ෂකයෝ වෙහෙසෙන්නේ. ඒ 535 දෙන තෝරා ගන්නේ රටේ ජනතාවගේ ඡන්දෙන්. 535 දෙනා ප්‍රාන්ත වලට බෙදල තියෙන්නේ. හරියට අපේ දිස්ත්‍රික්ක වලට වගේ. කැලිෆේනියා ප්‍රාන්තයට 55යි. ඇරිසෝනා වලට 10යි. ටෙක්සාස් වලට 34යි. ඔය විදිහට ප්‍රාන්ත 532යි, නිව්යෝක් අගනුවරට 3යි. වශයෙන් නියෝජිතයෝ තෝරාගන්නේ ඒ ඒ ප්‍රාන්තයෙන් සෙනෙට් සභාවට තෝරා ගන්නා සෙනෙට් සභිකයින් ගානට සමානව. කවුරු හරි යම් ප්‍රාන්තයක් දිනුව විට ඒ ප්‍රාන්තයේ නියෝජිතයෝ ටික පත් කිරීමේ අවස්ථාව ඒ අපේක්ෂකයාට ලැබෙනවා. කැලිෆෝනියා දිනන කෙනාට 55ක්! ඒ විදිහට. කොහොම හරි 268 පත්කරගත්ත කෙනා දිනුම්. (පත්තරවල තියෙන්නේ 270 ක් කියල. මට තේරෙන්නේ නෑ ඒ ඇයි කියල. මාම හොයල කින්නම් කීවා.) කොහොම හරි ඔබාමා 300ක් වත් ගනීවි. ( මම ඒ ගනන් බලද්දී අම්මා මගෙන් අහනවා ගාලේ හරක් කීයක් ඉන්නවාද කියල බලන්න කියල. එකෙක් අඩුලු. ඌ සීයලාගේ ගෙදර ගෙනිහින්. මට වැඩි ගානක් වුණේ නෑ. අම්මගෙන් බැනුම් ඇහුවා. මාම තමා ඇවිත් බේර ගත්තේ. මේ සටහන ලියන්න උදව් කළෙත් මාම.)

2 comments:

ශාකුන්තල said...

මල්ලී,
ඔයාගෙ සාමාන්‍ය දැනීම හොඳ මට්ටමක තියෙනවා. හැබැයි ගෙදර වටපිටාවෙ වෙන්නෙ මොනවද කියලත් විමසිල්ලෙන් ඉන්න. :P
තව දෙයක්, සුදුද කළුද කියන එකෙන් මිනිස්සුන්ව මනින්න එපා.

දිගටම ලියන්න. ඔයාගෙ ඊළඟ ලිපිය ලියන තුරු බලාගෙන ඉන්නවා.

Hasitha said...

මේ 535 දෙනා ඡන්ද විද්‍යාලය ඒත් නැත්නම් වරණ විද්‍යාල කියලා තමා හඳුන්වන්නේ :)