නම:- විජය රජු
රාජධානිය:- තම්මැන්නා නුවර
දඹදිව වඟු රටේ වඟු නම් රජ කෙනෙක් රාජ්‍ය පාලනය කලේය. වඟු රජු හට කලිඟු නැමති බිසවක් සිටියාය. ඔවුන් දෙදෙනා හට සුප්පා දෙවිය නමින් දූ කුමරියක් සිටියාය. ඇයට සිංහ බාහු නමින්පුතෙකුත් සිංහ සීවලී නමින් දුවෙකුත් සිටියහ. ටික කලකින් වඟු රජු මිය ගියේය. ඉන් පසු රාජ්‍ය පාලන කටයුතු කරගෙන යාමට සිදු වූයේ සිංහ බාහු කුමාරයාටයි. ඔහු රජකම සිය මාමා කෙනෙකුට භාරදී, සිංහ සීවලී කුමරියද රැගෙන වනයට ගියහ. ඉන් පසු එහි නගරයක් ඉදි කලේය. එහි රජු වීමට කුමරියක් විවාහ කර ගත යුතු වේ. එසේ සෙවූවද කුමාරයාට ගැලපෙන කුමාරිකාවක් නොවීය. ඒ හෙයින තම නැගෙනිය විවාහ කර ගෙන රාජාභිෂේක ලැබුවේය. සිංහ සීවලී කුමරිය ඉතා වාසනා වන්තය ඇය දරුවන් තිස් දෙදෙනෙකු බිහිකලාය. ඔවුන්ගෙන් වැඩිමහල් කුමරා විජය වන අතර දෙවැන්නා සුමින්ද විය. විජය ඉතා මුරන්ඩු කෙනෙක් විය. සිංහ සීවලී කුමරියත් සිංහ බාහු රජතුමාත් විජය කුමරුගේ මුරන්ඩු ගති ගැන ජනතාව ගෙන පැමිනෙන චෝදනා අසා කෝපවී විජය කුමරුට දඩුවමක් වශයෙන් විජය කුමරු ඇතුළුව ඔහුගේ මිතුරන් සත්සියයක් පිරිස නැවක නංවා පාකර හැරියේය. ඔවුන් සති කිහිපයක් සයුරේ පාවී ගොස් තම්මැන්නාව වෙරලට ගොඩ බැස්සෝය.
විජය ඇත්ළු පිරිස විඩාව නිවා ගැනීම සඳහා වෙරළෙහි දිගා වූහ. විඩාව නිවගෙන නැගිටි ඔවුහු සිය දෙ අත් දෙස බැලූහ. "මාගේ අත් තඹ පාටයැ"යි විජය කීවේය. මිතුරෝද එසේ කියූහ. එසේ නම් මෙය 'තම්බපන්නි' වෙරළ විය යුතුය කියා විජය තීරණය කළේය.
ඒ අතරේදී ඉන්දියාවේ මල්ල රජ දරුවන්ගේ උපවර්තන සල් උයනේදී මහා කාරුණික බුදුරජාණන්වහන්සේ පිරිනිවන් පෑමට ආසන්න විය. විජය කුමරු පිරිස ලක්දිවට ආ බව දිවැසින් දුටු සේක. බුදුන්වහන්සේ සක්‍ර දෙවිඳුට හා නීල උපුල්වන් දෙවිඳුට කතා කොට "මාගේ ශාසනය පිහටුවන්නේ ලක්දිවයි. විජය ඇතුළු පිරිස අද ලක්දිවට ගොඩ බට ඇත. ලක්දිව ආරක්ෂා කිරීම නුඹගේ කාර්යයි." යැයි වදාළ සේක. එතනින් අතුරුදහන් වූ නීල උපුල්වන් දෙවිඳු බමුණු වෙස්ගෙන තම්බපන්නියේ පාතූර්භූත විය. විජය ඇතුළු පිරිසේ අත්වල පිරිත් නූල් ගැට ගැසුවේය.
විජය ඇතුළු පිරිස අසලින් බැල්ලියක යනු දැක එක් සගයකු ඌ පසු පස ගියේය. එහෙත් ආවේ නැත. මෙසේ සියළුම සගයනුත් අවසානයේ විජයත් ඒ දෙසට ගියහ. කපු කටිමින් සිටි ගැහැණිගෙන් "මාගේ යාළුවන් ආවාද" කියා ඇසුවේයත ඇය "නෑ" යැයි කීවාය. "තී බොරු කියයි. මා තී මරමි" කීවේය. "මා ඔබගේ බිරිය වෙන්නම්. මා නොමරන්න" කීවාය.
කුවේණිය හා විවාහ වූ විජය ඇයගේ උදව්වෙන් රටේ බලය අල්ලාගෙන පසුව ඇයව පලවා හැරියේ. මහින්දරටෙන් රාජ කුමාරියක් ගෙන්වාගෙන රාජාභිෂේකය ලැබීය.
විජය රජතුමා වසර 32 ක් රට පාලනය කළේය.
Subscribe to:
Post Comments (Atom)
3 comments:
තමන් ගේ එක් කුසේ උපන් නැඟනිය ආවාහ කරගෙන නොවෙද සිංහල ජාතිය ඇරඹුනේ. ඒ ඇයි? සමහර විට එසේ නොවෙන්නත් ඇති.
සිංහල ජාතිය නොවේ, එක රජ පෙලපතක් පමණයි
සුප්පා දේවියගේ සැමියා ගැන සඳහනක් නැත්තේ ඇයි ?
ඒ වගේම ලිපියේ ඇති අතපසුවීම කීපයක් පෙන්වා දෙන්න කැමතියි.
විජය කුමාරයාගේ සොහොයුරාගේ නම " සුමිත්ත"
බුදුන් වහන්සේ විජය ඇතුලු කණ්ඩායම ආරක්ෂා කරන්න කියන්නේ ශක්‍ර දෙවියන්ට. ශක්‍ර දෙවියොයි උපුල්වන් දෙවියන්ට මේ කාර්යය භාර කරන්නේ :)
විජය රජුට සරණ පාවා ගැනීමට විජයායි කුමරිය ගෙන ආවේ මදුරා පුරයෙන් නේද ? මහින්ද පුරය කියලා නමකුත් ඒකට භාවිතා වුණාද ?
Post a Comment