Sunday, 19 October 2008

අග්‍ර ටිප්පණිය



මගේ අම්මාගේ කාර්යාලයේදී මීට අවුරුදු දෙකකට පමණ පෙර අන්තර්ජාලයේ සැරිසැරුවෙමි. මගේ අවධානය වැඩියම යොමු වුනේ ඉතිහාසය ගැනයි. එතකොට මම දෙක වසරේ. ඊට පසුව මම වඩාත්ම ආසා කරන හමුදා සහ ආරක්ෂක තොරතුරු සොයා ගැනීමට හැකි වුනා. එහෙත් ඒ හැම දෙයක්ම තිබුණේ ඉංග්‍රීසියෙන්. ඒත් අපේ මාමාගේ පරිගණකයෙන් සිංහලෙන් අන්තර්ජාලයට යාමටත් සිංහල වෙබ් අඩවි බැලීමටත් පුළුවන්. එහෙ අයියාට (චිරාන් අයියට) සිංහල වෙබ් අඩවියකුත් තිබෙනවා. ඒවාට කියන්නේ 'බ්ලොග්' කියාය.
අද චිරාන් අයියා මට බ්ලොග් එකක් හදාගන්න කියලා දුන්නා. මේ එහි ප්‍රතිඵලයයි.
චිරාන් අයියාට බොහොමත්ම ස්තුතියි!
මම ලබන වසරේ පහේ ශිෂ්‍යත්ව විභාගය ලියන්නෙමි. එබැවින් දිනපතා මාමලාගේ ගෙදර ඒමට අම්මා ඉඩ නොදෙනු ඇත. එබැවින් ඉඩ ලැබුනු විට අපේ රටේ ඉතිහාසය ගැන මා ඉගෙන ගත් දේ මෙහි සඳහන් කරන්නෙමි.

13 comments:

ශාකුන්තල said...

නියමයි පඬිතුමනි. දිගටම ලියන්න. ඔබට ජය!!

චතුරංග රූපසිංහ said...

අපි ඊලග එකලියන කම් බලාගෙන ඉන්නවා

චරිත said...

මහෞෂධ පඬිතුමාගෙ කතාවලින්ම ලියන්න පටන්ගන්න.

Bo said...

හරිම සතුටුයි මෙය කියවන්න ලැබීම. හැකි සෑම විටකම ලියන්න.සුභ පැතුම්

ඩනිෂ්ක said...

එළ
සුබපැතුම් මල්ලියේ :)

Supun Sudaraka said...

ජයෙන් ජයම වේවා! ඔන්න දිගටම ලියන්න ඕනි! දැන් ඉතින් ලාබාලතම සිංහල බ්ලොග්කරුවා මලයා තමා!

Homo Erectus said...

මමත් අපේ මස්සිනාට උගන්නන් ට්‍රයි කළා!
එක්කො මට උගන්නන් බෑ...
නැත්නම්, මස්සිනාට 'මෙලෝ හසරක්' බෑ...
ඔය දෙන්නනම් නියමයි. චිරාන් නිමෙට කියල දීල.
විදුර පඬි තෙමේ ද හොඳින් ඉගෙන ගෙන තියෙනවා.
විදුර පුතා, ඔයාගේ භාෂාව සෑහෙන්න හොඳා. දිගටම ලියන භාෂාවෙන්ම ලියන්න. විභාගයකුත් ළඟ තියෙනවානෙ.

මරණය said...

මොකද්ද මේ අග්‍ර ටිප්පණිය කියන්නේ කියලා කියන්වද? දන්නේ නැති නිසා අහන්නේ?

සු෴ said...

ශිෂ්‍යත්වෙත් කරනවානම් වැඩිපුර ලියලා තව තවත් ලිවීම් දියුණු කරගන්න..

පඬිතුමෙක් නිසා ඉතින් වැඩිය කියන්න ඕන නැහැනේ.. ලියනකන් බලන් ඉන්නවා ඇර ;)

ජයෙන් ‍ජය !

Chiran said...

අග්‍ර = අග = මුල් (අග්‍රාමාත්‍ය, අගමැති, මුල් ඇමති)
ටිප්පණිය = සටහන
අග්‍ර ටිප්පණිය = මුල් සටහන
(මමයි ඔය පණ්ඩිතකම කියල දුන්නේ මල්ලිට, වැරදිද)

මහෞෂධ said...

සුබ පැතූ සැමට ස්තුතියි.

situvili said...

හරිම සතුටුයි. අද තමයි මේක කියවන්න ලැබුනේ. දිගටම ලියන්න සුභ පැතුම්. :)

dilanqs said...

හොද ආරම්භයක්. දිගු ගමණකට සුභ පැතුම්!